පොදුජන පෙරමුණත් ජනවාරියේ සිට වැඩ පටන් ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

පොදුජන පෙරමුණත් ජනවාරියේ සිට වැඩ පටන් ගනී

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ සිට රට පුරා ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් හා සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සම්මන්ත‍්‍රණ මගින් ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට අමතරව දිස්ත‍්‍රික් හා ආසන මට්ටමින් රැස්වීම් මාලාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව පක්‍ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ ‘සාමාජිකත්ව ප‍්‍රවර්ධන’ වැඩපිළිවළක් පෙබරවාරි සිට අපේ‍්‍රල් දක්වා සෑම ගමක්ම මුල්කරගෙන ක‍්‍රියාත්මක කෙරෙනු ඇතැයි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

ජනතාව සංවිධානය කර පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගෙන එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බවද හෙතෙම සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages