මෙන්න! රට ගැන සිතන දේශපාලකයෙක්‌! නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවී සිටි ස්‌විස්‌ ජනාධිපතිවරයා!! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

මෙන්න! රට ගැන සිතන දේශපාලකයෙක්‌! නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවී සිටි ස්‌විස්‌ ජනාධිපතිවරයා!!

ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය පිටත පදික වේදිකාවේ වාඩිවී තම සටහන් ගැන නිරීක්‍ෂණය කරන මේ පුද්ගලයා ස්‌විස්‌ ජනාධිපති ඇලන් බර්සට්‌ය.

73 වැනි එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා බර්න් නුවර සිට ඇමරිකාවට ගිය බර්සට්‌ ඉහළම ගාස්‌තුවක්‌ අයකරන හෝටලයක කාමරයක්‌ වෙන්කර ගත්තේ නැත.

ජනාධිපති ලෙස කුඩා කාමරයක ලැගුම් ගැනීමෙන් මගේ තත්ත්වය පහළ වැටෙන බවට ප්‍රශ්න කළේ නැත. ඔහු නිව්යෝර්ක්‌ නුවර කුඩා මහල් නිවසක්‌ කුලියට ගෙන තම කාර්ය මණ්‌ඩලය සමග එහි වාසය කළේය. ඇලන් බර්සට්‌ තම ආහාරපාන පවා ඔහු විසින්ම සකස්‌ කරගත් බව අනාවරණය විය.

මෙයට කලකට පෙර ස්‌විස්‌ ජනාධිපති ඇලන් බර්සට්‌ ජිනීවා නුවර දුම්රිය වේදිකාවේ සිටින අයුරු හෙළිවිය.

එසේම සති කීපයකට පෙර ස්‌විස්‌ මන්ත්‍රී ඩෝරිස්‌ ලියුනාද් මගීන්ගෙන් පිරි දුම්රියක ඉහළ මාලයට ගොඩවන තරප්පු පෙළක වාඩිවී සිටින අයුරු අනාවරණය විය.

ස්‌විස්‌ ජනාධිපති බර්සට්‌ නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවි සිටීමේ ක්‍රියාදාමය ස්‌විස්‌ මාධ්‍ය දැඩි ඇගයීමකට ලක්‌කර තිබේ.


Post Bottom Ad

Pages