හොරෙන් වැලි ඇද්දාට ලක්ෂ විස්සක ඉතිහාසගත දඩයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-25

හොරෙන් වැලි ඇද්දාට ලක්ෂ විස්සක ඉතිහාසගත දඩයක්

Author(s): 
ප්‍රසාද් පූර්ණමාල්

වසරක සිර දඬුවමකුත්

දැදුරු ඔයෙන් නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂ විස්සක මුදල් දඩයක් හා වසරක සිර දඬුවමක් ලබා දීමේ පුවතක් හලාවතින් වාර්තා වේ. හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා ඊයේ 24 මේ නියෝගය ලබා දී ඇත්තේ හලාවත දැදුරුඔය ජල ටැංකිය මාර්ගයේ පදිංචි වර්ණකුලසුරිය සුමිත් රොහාන් නමැති අයටය . පසුගිය 13වැනි දින දැදුරු ඔයේ කැණීම් කර වැලි කියුබ් දෙකක් බලපත්‍ර නොමැතිව එන් .සි .5267 නමැති ටිපර් රථයෙන් ප්‍රවාහනය කිරීම මොහුට විරුද්ධ චෝදනාව විණි.

මොහුට මිට පෙර තිබූ මෙවැනි වැරදිද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව සියල්ල සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ දඬුවම් ලබා දී ඇත .

හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් , පොලිස් පරීක්ෂකවරුන් වන වීරසේකර, දිනේෂ් යන නිලධාරීන් මේ වැටලීම සිදු කර ඇත .

No comments:

Post a Comment

Post Bottom Ad

Pages