ඇමති අර්ජුන පහරදීමක් කර නැති බව අධිකරණයේදී හෙළිවෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

ඇමති අර්ජුන පහරදීමක් කර නැති බව අධිකරණයේදී හෙළිවෙයි.

Pettroliyam_ Arjuna _Ranathunga _news

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් පුද්ගලයෙකුට පහරදුන් බවට පැමිණිලි කර ඇතැත් එවැනි පහරදීමක් පිළිබඳව CCTV දර්ශනවලින් අනාවරණ නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම්දී  දී  ඇති බව  වර්තා  වේ.පසුගියදා

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයතුලදී  ඇතිවූ  සිද්ධියට  අදාල නඩුව  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී  අද  කැදවනු ලැබිය.

 අර්ජුන රණතුංග අමාත්‍යවරයා  පැමිණිලිකරුට පහරදී ඇතැයි තහවුරු වී නැත්නම් ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවේ ඇයිදැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී විමසා සිටියා ය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ, අර්ජුන රණතුංග  විසින් පැමිණිලිකරුට පහරදුන් බවට අනාවරණ වී නැතැත් ඔහුට පහරදීමක් සිදු ව ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙනී යන බවයි.

ඒ අනුව ඔහුට පහර දෙනු ලැබුවේ කවුද කුමන ස්ථානයකදී යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ ය.

අමාත්‍ය අර්ජුන රණතුංග  මෙම පහරදීමට සම්බන්ධයක් නොමැති නම් ඔහු එම චෝදනාවෙන් නිදහස් කිරීම සඳහා පුර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලීසියට මෙහෙදී  නියෝග කර ඇත.

නඩු විභාගය ලබන මස 01 වන දා යළි කැඳවීමට නියමිතයි.

The post ඇමති අර්ජුන පහරදීමක් කර නැති බව අධිකරණයේදී හෙළිවෙයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages