ඔස්ට්‍රේලියාවට දඟපන්දු යවන්නෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

ඔස්ට්‍රේලියාවට දඟපන්දු යවන්නෙක්

පාදඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මාර්නස් ලේබස්චැන් ඉන්දියාව සමග අනිද්දා සිඩ්නි නුවරදී ආරම්භ වන සිවුවැනි ටෙස්ට් තරගයට නම් කළ ඔස්ට්‍රේලියානු පිලට ඇතුළත් වී සිටී.

කෙසේවෙතත් ඉන්දියාව ජයගත් මෙල්බර්න් නුවර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිලේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර ලේබස්වැන් ඇතුළත්වී සිටින්නේ 14 වැනි ක්‍රීඩකයා ලෙසිනි. එසේ වුවත් දඟපන්දුවට වාසිදායක සිඩ්නි තණතීරුවේදී ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කර ඇති මේ දඟපන්දු යවන්නාගේ එම තරග 2ම ඇතුළත් වූයේ පසුගියදා පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටෙස්ට් තරගමාලාවටය.

Post Bottom Ad

Pages