ජනපති ආණ්ඩුකාරවරුන්ට ඉවත් වෙන්න කියයි…නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද හෙටම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

ජනපති ආණ්ඩුකාරවරුන්ට ඉවත් වෙන්න කියයි…නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද හෙටම

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේ්න මහතා විසින් පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට ඉල්ලා අස්වන ලෙස ඊයේ (31 වැනිදා) දැනුම්දී ඇත. ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා මගින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමේදී සබරගමුව පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවේ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (31 වැනිදා) පෙරවරුවේ මෙම දැනුම්දීම සිදු කළ බවය.

අලුතින් ආණ්‌ඩුකාරවරුන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගත් බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දුන් බවද ඒ අනුව තමා ද සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය බාර දුන් බව ද සබරගමුව ආණ්‌ඩුකාරවරිය සඳහන් කළාය.

බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර ලෙස හේමකුමාර නානායක්‌කාර, දකුණු පළාත් ආණ්‌ඩුකාර ලෙස මාර්ෂල් පෙරේරා, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ලෙස පී. බී. දිසානායක, වයඹ පළාත් ආණ්‌ඩුකාර ලෙස කේ. සී. ලෝකේෂ්වරන්, උතුරු පළාත් ආණ්‌ඩුකාර ලෙස රෙජිනෝල්ඩ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ලෙස රෝහිත බෝගොල්ලාගම, උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර ලෙස එම්. පී. ජයසිංහ සහ ඌව පළාත් ආණ්‌ඩුකාර ලෙස ආරිය බී. රැකව යන මහත්වරු කටයුතු කරති.

නව ආණ්‌ඩුකාරවරුන් පත් කිරීමේදී දැනට සිටින ආණ්‌ඩුකාරවරුන් කිහිප දෙනකුට ධුර අහිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

නව ආණ්‌ඩුකාරවරුන් පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


Post Bottom Ad

Pages