මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට…නව මිල ගණණ් මෙන්න.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට…නව මිල ගණණ් මෙන්න..

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් මහතා පවසයි.

තෙල් මිල සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැත්වුණ බවත් ඉන් අනතුරුව මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත.

නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 99ක්, සුපිරි ඩීසල් ලීටරයක් 118ක් ලෙස වෙයි.


Post Bottom Ad

Pages