යුද ජයග්‍රහණයේ ගෞරවය හිටපු ජනපතිට දිය යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

යුද ජයග්‍රහණයේ ගෞරවය හිටපු ජනපතිට දිය යුතුයි

යුද ජයග්‍රහණයේ ගරුත්වය හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් එතුමන්ට ඉදිරියේදී එම ගරුත්වය ලබාදෙමින් තම සුරතින් මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරන බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නමින්ද නව ගම්මාන ඉදිකරන බවත් පැවැසූ අමාත්‍යවරයා දේශපාලන කුහකම් වෛරය සිත්හි තබාගෙන කටයුතු කරනු වෙනුවට සද්භාවයෙන් කටයුතු කිරීමෙන් පමණක් රටක් ඉදිරියට ගෙන යා හැකි බවද සඳහන් කරයි.

පුත්තලම, පුලියන්කුලම, කරුවලගස්වැව, “රන්වියන්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පැවැරීමේ උත්සව සභාව අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages