එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර තිසර පෙරේරාට පස්වැනි තැන - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර තිසර පෙරේරාට පස්වැනි තැන

නවසීලන්ත සංචාරයේ පැවැති එක්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස සිය දස්කම් මුවහත් කරගත් ශ්‍රී ලංකා පිලේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර පස්වැනි තැන අත්කර ගැනීමට සමත්විය.

නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා පිල 3-0ක පරාජයක් අත්කර ගත්ත ද දෙවැනි එක්දින තරගයේදී විශිෂ්ට ශතකයක් සහ තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 80ක් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවීම හේතුවෙන් තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර මේ උසස්වීම ඔහුට ලැබී ඇත.පෙරේදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සිදුවූ එකම කැපී පෙනෙන වෙනස බවට පත්වූයේද තිසර පස්වැනි තැනට පත්වීමය.

එම ලැයිස්තුවේ මුල් තැන රැක ගැනීමට ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් සමත්ව ඇති අතර බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් දෙවැනි තැන පසුවෙයි. තුන්වැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබිට සහ සිවුවැනි ස්ථානය බංග්ලාදේශයේ මහ්මුදුල්ලා රැකගත්හ.

වසර 2009දී එක්දින තරග බිමට එක්ව එතෙක් මෙතෙක් පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට අසමත්ව සිටි මේ ප්‍රහාරාත්මක තුන්ඉරියව් ක්‍රීඩකයා එක්දින ශ්‍රේණිගත කිරිම්වල හොඳම ක්‍රීඩකයන් පස්දෙනා අතරට පිවිසීමට සමත්වූයේ පළමු වරටය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages