නත්තල් සීයා වූ සීයා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

නත්තල් සීයා වූ සීයා

ජනවාරි 3, 2019

නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයකු වන කේෂාන් පෙරේරා ඉකුත් නත්තල් දිනය සමගාමීව මුහුණු පොතට අපූරු සටහනක් එක්කොට තිබුණා. එය සැකෙවින් සඳහන් කළොත් මෙහෙමයි.

පුංචි කාලේ නත්තල් දිනයේ උදැසන මා අවදි වෙද්දී මං ගාව තෑග්ගක් තියෙනවා. මං ඒක බොහොම ආදරෙන් ළඟට ගත්තේ නත්තල් සීයගෙන් මට ලැබුණා කියලා හිතාගෙන. ලොකු වෙනකම් මම හිතුවෙම මට ඒ තෑග්ග ගේන්නේ නත්තල් සීයා කියලා. පසුකාලීනව මං දැන ගත්තා නත්තල් සීයා විදියට එහෙම තෑග්ග කියලා යන්නේ මගේම සීයා කියලා.

කේෂාන් එහෙම කියාගෙන ඇවිත් කතාව නතර කරන්නේ තමන්ගේ සීයා මේ වන විට අසනීප වෙලා කියලා. ඔහුට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. කේෂාන්ගේ සීයා ගැන ඔබත් මමත් හොඳට දන්නවා. ඔහු තමයි සුනිල් සෝම පීරිස්. ලංකාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා. කේෂාන්ට නත්තල් සීයා වෙලා තියෙන්නේ ඔහු. කේෂාන් වගේම අපිත් සුනිල්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දීර්ඝායුෂත් පතනවා.

 





Sarasaviya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages