එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති මහේෂ් සේනානායක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති මහේෂ් සේනානායක

උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පැවසීයි.

ගංවතුර පමණක්‌ නොව ඕනෑම ආපදාවකදී උතුරේ ජනතාවට උදව් කිරීම සඳහා හමුදාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන් කුහක ෙච්තනාවෙන් හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීමට ගෙන යන ප්‍රචාරය උතුරේ ජනතාව පිළිනොගන්නා බව ද හෙතෙම කීය.

හමුදාව විවේචනය කරන මේ පුද්ගලයන් උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක්‌ කර නැතැයි ද කී හමුදාපතිවරයා හමුදාවට දොස්‌ නඟන මේ පිරිස එදා උතුරේ ජීවත් වූයේ හමුදාවේ ආරක්‌ෂාවෙන් බව ද සඳහන් කළේය.

අද ඔවුන් උතුරේ කාඩ්බෝඩ් වීරයන් වී ඇතැයි ද හෙතෙම පැවසීය.


Post Bottom Ad

Pages