තෛපොංගල් වෙනුවෙන් සඳුදාට උතුරේ සියලුම පාසල් වසා දැමේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

තෛපොංගල් වෙනුවෙන් සඳුදාට උතුරේ සියලුම පාසල් වසා දැමේ

ලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.

නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙන බවද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.

වව්නියාව මධුශංක අමරසිංහ


Post Bottom Ad

Pages