නව ආණ්ඩුකාරවරුන් අද දිව්රුම් දෙයි – නැගෙනහිර පළාත අසාත් සාලිට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

නව ආණ්ඩුකාරවරුන් අද දිව්රුම් දෙයි – නැගෙනහිර පළාත අසාත් සාලිට

නව ආණ්ඩුකාරවරුන් අද පස්වරු 2 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිව්රුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ආණ්ඩුකාර ධුරයක් ලබා දීම සදහා එම අවස්ථාවට ආරාධනා කර ඇති බවය.

අසාත් සාලි මහතාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

නව වසරට ප්‍රථම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සියලුදෙනා පසුගියදා පසුගියදා ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබුණි.


Post Bottom Ad

Pages