ඊ. ඒ. පී. - බෙන් හෝල්ඩිංග්ස් අතට පත් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

ඊ. ඒ. පී. - බෙන් හෝල්ඩිංග්ස් අතට පත් වෙයි

ජනවාරි 10, 2019

මෙරට සිනමා ඉතිහාසයේ පනස් වසරකට වැඩි කාලයක් චිත්‍රපට නිෂ්පාදනය, බෙදා හැරීම සහ ප්‍රදර්ශනය සිදු කළ සමාගමක් වූ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම පසුගියදා නව පාලනයකට යොමු විය. එහි නව හිමිකරුවන් වූයේ බෙන් හෝල්ඩිංග්ස් සමාගමයි. සරසවිය සම්මාන උලෙළේ හොඳම සහ ජනප්‍රිය චිත්‍රපට රැසක් නිපද වූ ඊ. ඒ. පී. සමාගම චිත්‍රපට නිෂ්පාදනය ඇරැඹුයේ 1958 වසරේ අංජලී චිත්‍රපටයට සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කරමිනි. ඒ එදිරිසිංහ කම්බයින්ස් නමිනි. පිරිමියකු නිසා, දුලීකා, කපටිකම, විසිදෑල, ධවලපුෂ්පය, ඉර මැදියම, දොරකඩමාරාව, හාර්ට් එෆ්. එම්, සිරි දළදාගමනය, චෙරියෝ ඩොක්ටර්, රෝස වසන්තය, හිරිපොද වැස්ස ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් නිපද වූ ඊ. ඒ. පී. සමාගම කොළඹ සැවෝයි, ඉම්පාලා, රොක්සි ඇතුළු අති සුඛෝපභෝගී සිනමා ශාලා රාශියකට හිමිකම් කීවේය.

චිත්‍රපට ප්‍රදර්ශනය පෞද්ගලික සමාගම්වලට පැවරුණු පසු ඊ. ඒ. පී. ප්‍රදර්ශක මණ්ඩලය නමින් අගනා සිනමා මණ්ඩලයක් ගොඩනැඟූ ඔවුන් මෙරට මෑත සිනමාව වඩාත්ම නව්‍යකරණය කළ සමාගම ලෙස ජනප්‍රියත්වයට පත් විය. එහි නිර්මාතෘවරු වූ ඊ. ඒ. පී. එදිරිසිංහ හා සෝමා එදිරිසිංහ සිනමා කර්මාන්තයේ සියලු අංශවලට දායකව සිටියහ. බෙන් හොල්ඩිංග්ස්් යටතට පත් වු පසු ඊ.එ.පි සිනමාශාලා නවීකරණය වෙමින් අලුතින් ඉදිවන අතර එම සියලු සිනමා ශාලා අනාගතයේදී සැවෝයි සිනමා යනුවෙන් හැඳින්වෙනු ඇත. ඔවුනගේ නවතම සිනමා ශාලාව ගම්පහදී විවෘත වීමට නියමිත බව සමාගමේ ප්‍රකාශකයකු පැවසීය. මේ සමඟ ස්වර්ණවාහිනී නාළිකාව ද බෙන් හෝල්ඩිංස් ආයතනයට එක්විය.

 





Sarasaviya

Post Bottom Ad

Pages