පමාවෙලා හෝ රට බෙදන ව්‍යවස්ථා සංශෝධනය ගැන කෙලින් කතා කිරීම ගැන මහින්දට ඉහළ ප්‍රතිචාර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

පමාවෙලා හෝ රට බෙදන ව්‍යවස්ථා සංශෝධනය ගැන කෙලින් කතා කිරීම ගැන මහින්දට ඉහළ ප්‍රතිචාර

පසුගිය 10 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දී පවතින පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අයිතියක් නැති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය ඉතා ඉහළින් අගය කරමින් විශාල වශයෙන් මහජන ප්‍රතිචාර ලැබෙමින් පවතී.

ඒ පිළිබඳව අපි ජාතික සංවිධානයක එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසූ විට ඔහු පවසා සිටියේ ” පමාවෙලා හෝ මහින්ද රාජපක්ෂ මහතා ත්‍රෛයිනිකායික මහනායක හිමිවරුන් ගේ අනුශාසනා පිළිගනිමින් වර්තමාන පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සුජාතභාවයක් නැති බව ප්‍රකාශ කිරීම අප ඉතා ඉහලින් අගය කරනවා. මේ පාර්ලිමේන්තුවට පමණක් නොව 19වැනි සංශෝධන මර උගුල සම්මත කළ පාර්ලිමේන්තුවටත් ඒ සදාචාර බලය තිබුණේ නැහැ.” යනුවෙනි.


Post Bottom Ad

Pages