නවසීලන්තයෙන් බැට කෑ ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේදී රාත්‍රී ටෙස්ට් තරගයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

නවසීලන්තයෙන් බැට කෑ ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේදී රාත්‍රී ටෙස්ට් තරගයක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

නවසීලන්තයේදී සහභාගීවූ සියලුම ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග පරාජයවූ ශ්‍රී ලංකා පිල මේ 17 වැනිදා ආරම්භ කරන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයේදී මුහුණ දෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරන දිවා - රාත්‍රී ටෙස්ට් තරගයකි. මේ 24 වනිදා සිට 28වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ගැබා ක්‍රීඩාංගණයේදී මේ දිවා - රාත්‍රී ටෙස්ට් තරගය පැවැත්වෙන අතර එය ලොව 11වැනි දිවා - රාත්‍රී ටෙස්ට් තරගය ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගීවූ දිවා - රාත්‍රී ටෙස්ට් තරග දෙකකදීම ජයග්‍රහණ වාර්තා කර තිබීම විශේෂත්වයකි. වසර 2017දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 68ක හා පසුගිය වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සමග කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වාර්තා කළහ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල මෙතෙක් ඉතිහාසයේ දිවා - රාත්‍රී ටෙස්ට් තරග 4කට සහභාගීවී එම සියලු තරග ජය ලබා සිටීම ද කැපී පෙනේ. නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය හා එංගලන්තය සමග එම සියලු තරග ඔස්ට්‍රේලියාවේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී වොන් - මුරලි ටෙස්ට් තරගාවලියට එක්වූයේ වසර 2012දී වන අතර එහිදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.

මෙවර ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරය ටෙස්ට් තරග දෙකකට සීමාවන අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරී 1වැනිදා කැන්බරා හීදී ආරම්භ වේ. සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර තුන්දින තරගය මේ 17වැනිදා හෝබාර්ට් හිදී පැවැත්වීමට නියමිතය.

 

Post Bottom Ad

Pages