කලු මාධ්‍ය, සුදු මහත්තුරු සහ රනිල්ගේ මැජික් අරිෂ්ඨය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

කලු මාධ්‍ය, සුදු මහත්තුරු සහ රනිල්ගේ මැජික් අරිෂ්ඨය

කළු මාධ්‍ය සුදු කරදීම සඳහා ඊයේ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු සුදෝ සුදු මහත්වරුන්ට හා මහත්මීන්ට බොහෝ දෙනා දොස් නගති. එහෙත් මට නම් මෙය පෙනෙන්නේ සුබවාදී හා සතුටුදායක ප්‍රවණතාවක් ලෙසය. ඊට බලපෑ හේතු කාරණා කීපයක් තිබේ.

1. අප එදා සිටම කියන ආකාරයට ලංකාවේ ඇත්තේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නොව මාධ්‍ය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් මේ සුදු මහත්තුරුන් එදා සිටම සටන් කළේ මාධ්‍ය නිදහස වෙනුවෙනි. ඔවුන්ට අනුව මිනීමරු බෙදුම්වාදී ත්‍රස්තවාදයට සුදු හුණු ගෑමේ සිට නිවේදිකාවන් වඳුරු කුණුහරප කීම දක්වා ඕනෑම දෙයකට මාධ්‍ය නිදහස තිබිය යුතුය. උතුරේ ජන සංහාරවල සිට ලැම්බෝගිනි හෝ රත්තරන් අස්පයන් දක්වා ඕනෑම ගල් පැලෙන බොරුවක් කීමට මාධ්‍යයට නිදහස තිබිය යුතුය. මේ ආකාරයට කාලයක් තිස්සේ මාධ්‍ය නිදහසක් වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස අද තම සටන පාවාදී මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ අපූරු විපර්යාසය සතුටුදායකය.

2. සුදු මහත්තුරුන්ට මේ රට ගැන කතා කරන විට නම් සංස්කෘතිය, සදාචාරය දෑහට පේන්නට බැරිය. කුහක සදාචාරය, ඊනියා සුචරිතවාදය, ප්‍රති සංස්කෘතිය, දෙදාස් පන්සීයේ අම්මාගේ රෙද්ද වැනි කතා ඔවුන්ගේ සිරි මුඛවලින් නිතර පිට වෙන්නේ ඒ නිසාය. ඔවුන්ට අනුව මිනිසුන් සියලු සංස්කෘතික සදාචාර සීමාවන් පසෙක දමා ප්‍රකෘති හැගීම්වලට අනුව හැසිරිය යුතුය. සදාචාරය කුහක බැවින් මිනිසාගේ නියම සහජ හැගීම්වලට ඉඩදී මහ පාරේ අම්මා දූෂණය කිරීමට වුවද පුතාලාට ඉඩ තිබිය යුතුය. පුදුමය වන්නේ ඒ සා රැඩිකල් සුදු මහත්වරු පවා අද සදාචාරය ගැන කතා කිරීමය. රටේ සදාචාරය කුහක නම් මාධ්‍ය සදාචාරය කුහක නොවන්නේ කෙසේදැයි මට හිතාගත නම් නොහැකිය. එහෙත් අද සුදු මහත්වරු සදාචාරය ගැන කතා කරති. එයද සතුටුදායකය.

3. පහුගිය දිනවල බුදුන්ගේ රස්තියාදුවක් අල්ලාගෙන කලාවට කොන්දේසි විරහිත නිදහසක් අවශ්‍ය බව කියමින් පොළොවේ පස් කෑවේද මේ සුදු මහත්වරුමය. සුදු මහත්වරුන්ගේ තර්ක අනුව කලාව මාර උත්තරීතරය. කලාවේ නාමයෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට කලාකරුවන් යැයි කියාගන්නා පට්ට පොරවලට නිදහස තිබිය යුතුය. ඒවා විවේචනය කළ යුත්තේ දාර්ශනිකව හරි සංයමයෙන් මිස කොන්දේසි, නීති, විරෝධතා මගින් නොවේය. කලාවේ නිදහසට එරෙහිව වචනයක් කතා කිරීමට සර්ව බලධාරී දෙවියන් වහන්සේටවත් අවසර නැත. එවැනි ලොව කොහේවත් නැති යකාගේ නිදහසක් වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස අද මාධ්‍යයේ නිදහස සීමා කිරීමට මැදිහත් වෙති. කලාවට කොන්දේසි විරහිත නිදහසක් අවශ්‍ය නම් මාධ්‍ය කලාවට කොන්දේසි, ආචාර ධර්ම කුමකටද? නිදහස පිළිබද තමන්ගේම පට්ට නිර්වචනවලට පවා එරෙහිව යමින් අද ඔවුන්ට පාරේ නටන්නට සිදුවී තිබීම සතුටුදායක දෙයක් නොවේද? යම් දවසක කලාකරුවෙක් බැඳුම්කර නාඩගම වැනි නාටකයක් නිර්මාණය කළහොත් කලාවටද නීති, කොන්දේසි, සදාචාර ධර්ම අවශ්‍ය බව කියමින් මේ සුදු මහත්තුරු උද්ඝෝෂණය කරනු ඇත.

4. බොහෝ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සුදු මහත්තුරුන්ගේ විරෝධය හෙලා දුටුවේය. සජිත් ප්‍රේමදාස පවා ඒ විරෝධය හෙලා දුටුවේ ඊට වෙර යොදා බැන වදිමිනි. එහෙත් අපූරු කාරණය වන්නේ ජවිපෙ විජිත හේරත් එසේ නොකිරීමය. ඔහු පැවසුවේ එය තම පක්ෂයේ කටයුත්තක් නොවන බව පමණි. ඒ මිස එම කටයුත්ත ගැන එතරම් ගැටලුවක් ඔහුට තිබුණේ නැත. ඒ අනුව සජිත් ප්‍රේමදාසටත් වඩා විජිත හේරත් යූඇන්පී බව නැවත වතාවක් සරලව පෙන්වා දීමද මේ විරෝධයේ සාධනීය ප්‍රතිඵලයක් නොවේද?

5. මාධ්‍ය විසින් ජාතිවාදය පැතිරවීමද සුදු මහත්වරුන්ගේ වාතයා රක්තයා කුපිත වීමට එක් හේතුවකි. කතාව ඇත්තය. සුදු මහත්වරුන්ට අනුව උතුරේ කොටි සැමරුම්වලට එරෙහි වීම ජාතිවාදීය. ඊළාම් සිතියම උස්සාගෙන නටන නැටුම්වලට එරෙහිවීම ජාතිවාදීය. විල්පත්තුව කැපීමට එරෙහි වීම ජාතිවාදීය. රණවිරුවන් හිරේ දැමීමට එරෙහි වීම ජාතිවාදීය. කොටි නිදහස් කිරීමට දීමට එරෙහිවීම ජාතිවාදීය. ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩන ව්‍යවස්ථාවට එරෙහි වීම ජාතිවාදීය. බෞද්ධ පුරාවස්තු ඩෝසර් කිරීමට එරෙහි වීම ජාතිවාදීය. කොටින්ම කිවතොත් ඉර හඳ පවා ජාතිවාදීය. ප්‍රභාකරන්, රනිල්, සුමන්තිරන්, විජයකලා, බදුර්දීන්, අනුර දිසානායක හා පුබුදු ජයගොඩ හා මේ සුදු මහත්වරුන් අතලොස්ස හැර ලෝකයේ සිටින සියලුම මිනිසුන් ජාතිවාදීය. කාල් මාක්ස්, ලෙනින්, චේ ගුවේරා, විජේවීර පවා අයත්වන්නේ ජාතිවාදී ගොඩටය. ජාතිවාදය යනු ලංකාවේ භාවිතා වන ලොකුම දේශපාලන කුනුහරුපය බව රටට තේරුම් කර දීමට මේ මහත්වරු විශාල පරිශ්‍රමයක් දරති. ප්‍රභාකරන්ට ජාතිවාදියා යැයි කීමට දිව නොනැමෙන සුදු මහත්වරුන්ට මාධ්‍ය ආයතන ජාතිවාදී ලෙස පෙනීයාම තරම් සිනා උපදවන සතුටුදායක විහිළුවක් ලෝකයේ තවත් තිබේද?

5. සංවිධාන හැටහුටහමාරකට අයත් රෝසා බස් දෙකකට පමණ පිරවිය හැකි අති විශාල ජනකායක් මේ විරෝධය සඳහා සහභාගී වී තිබේ. මේ මහා විකල්ප බලවේගයේ සැබෑ නිමැවුම්කරුවා අන් කිසිවෙක් නොව රනිල්ය. ඒ අතින් රනිල් මාර මැජික්කාරයෙකි. ලංකාවේ සිටින ඕනෑම වාමාංශික රැඩිකල් පොරක් කලිසමේ එක සාක්කුවකින් ඇතුළට දමා අනෙකින් එළියට ගෙන පෙන්වීමට රනිල්ට හැකියාව ඇත. මෙලෝ දේශපාලන අල බෝලයක් නොදන්නා සමනලීලාගේ සිට තමන් මහා බක පණ්ඩිතයෙක් යැයි සිතාගෙන බන්දු සමරසිංහ පන්නයේ විහිළුවලින් බුකි මිතුරන් පිනවන විදර්ශනලා දක්වා වූ සියල්ලන් කාගේ කවුදැයි තේරුම්ගැනීමට මේ විරෝධතා අපට උපකාරී වනු ඇත. ලිබරල්වාදය, මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ව්‍යූහවාදය, ඩෙරීඩා, පුකෝ, ලැකාන් මේ මොන ඉලව්වක් ගැන කතා කළද ඔවුන්ගේ සෑම වචනයකින්ම වෑහෙන්නේ රනිල්ගේ වසුරු සුවඳම බව අප නම් පෙන්වා දී ඇත්තේ බොහෝ කාලයක සිටය. එහෙත් බීරන්ට ඇසීම සඳහා විශාල ශබ්දයක් අවශ්‍යය. මේ සියලු දෙනා රනිල්ගේ කුක්කන් කික්කියන් බව ලෝකයේ හොඳම බීරාට පවා ඇසෙන අයුරින් සරලව කෑ ගසා කීම මේ විරෝධයේ තවත් සාධනීය ප්‍රතිලාභයක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතු නොවේද?

ඉසුරු ප්‍රසංග


Post Bottom Ad

Pages