මාධ්‍ය ආයතන වටලන්න ආ රනිල්ගේ NGO නඩ හූ හඬ මැද්දේ පලායති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

මාධ්‍ය ආයතන වටලන්න ආ රනිල්ගේ NGO නඩ හූ හඬ මැද්දේ පලායති

මෑත වකවානුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේත්, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකගේත් ‘කළු මාධ්‍ය’ චෝදනාව කරපින්නාගෙන, මෙරටේ ස්වාධීන ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන්ට ‘කළු’ මුද්‍රාව තැබීමට දත කන රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයෝ ‘මව්බිම’ හා ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වලට විරෝධය පළ කරන්නට පැමිණ එහි මාධ්‍යවේදීන්ගේ හා සේවක මඬුල්ලේ ‘හූ’ හඬ මැද ඊයේ (10දා) පලා ගියහ. රාජ්‍ය නොවන සංවිධානවලින් (NGO) යැපෙන පෞද්ගලික න්‍යාය පත්‍ර මත ක්‍රියා කරන වෙබ් මාධ්‍යවේදීන්, නළු නිළියන්, සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් මේ විරෝධතාව සංවිධාන කොට තිබිණි.

මේ පිරිස අතර විමල් කැටිපෙආරච්චි, විමුක්ති ජයසුන්දර, විදර්ශන කන්නන්ගර, ලංකා බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා, ශ්‍රී නාත් චතුරංග, අමා විජේසේකර, ගීතිකා ධර්මසිංහ, සමාජවාදී තරුණ පෙරමුණේ ක්‍රියාකාරියකු වන ධනුෂ්ක …., චාන්දනී සෙනෙවිරත්න, (ධනුෂ්ක, ජවිපෙ බිමල් රත්නායක සමඟ සිටින වේදිකා කථිකයෙක්ද විය) කෞශල්‍යා ප්‍රනාන්දු සිටියහ.WPND 1083′ ~ƒ ‘WPND 3753’ යන අංක දරන පෞද්ගලික බස්රථ දෙකෙන් පැමිණි ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත් කාර්යාල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ යෙදුණ මේ පිරිස අතරින් කිහිප දෙනකු හැර අන් අය විරෝධතාවයේ යෙදුණේ තම අනන්‍යතාව පවා හෙළි නොවන අයුරින් මුව වටා බැඳි කළු පැහැ පටි සහ කළු අව්කණ්ණාඩි පැලඳගෙනය.

‘ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැඟී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන් ආදී වූ සංවිධානවල අසූවක පමණ පිරිසක් මේ විරෝධතාව සඳහා එක් වූ බව ඔවුන්ගේ පෞද්ගලික ෆේස්බුක් (Face book) ගිණුම් හරහා හෙළි කොට තිබිණි.

ඊයේ (10දා) උදෑසන සිට නෙත් එෆ්.එම්. ස්වර්ණවාහිනි, සියත, රූපවාහිනි, ITN, ලංකාදීප, හිරු ටීවී, ලේක්හවුස්, සිරස, TNL ආදී මාධ්‍ය ආයතන කිහිපයකටම බලහත්කාරයෙන් ඇතුළුවීමට සහ එහි සිටි පිරිස්වලට තර්ජනාත්මක ආමන්ත්‍රණය කරමින් හැසිරුණු ඔවුන් පවසා තිබුණේ සන්දේශයක් භාරදීමට පැමිණි බවයි.

කෙසේ නමුත් ඊයේ (10දා) පස්වරු 3.00ට පමණ කළු පැහැති පසුබිමේ ‘අපගේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි, මාධ්‍ය සගයිනි ඔබගේ වෘත්තීය වගකීම ජනතාව වෙනුවෙනි හිමිකරුවන් වෙනුවෙන් නොවේ, News නම් 1ඵබ – Worst, News මැදිරි නම් පට්ට නිවුස් නම් තාම ගොට්ට, ජාතික නාළිකා රූපවාහිනි මහ ගෙවල් ආණ්ඩුවේ කුණු රෙදි සෝදන්නද, ලයිසන් දුන්නේ කුමන්ත්‍රණ සඳහා නොවේ, ජනතාවනි ජනමාධ්‍ය පිළිගනිමු – ජඩ මාධ්‍ය ප්‍රතික්ෂේප කරනු’ ආදී වශයෙන් සටන් පාඨ ලියූ විශාල බැනරයක්ද පෙරටු කොට ගෙන මේ පිරිස ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ කාර්යාල ඉදිරිපිටට පැමිණ සිටියහ.

මඳ වේලාවක් විරෝධතාවයේ යෙදුණු පිරිසට ප්‍රතිචාර දැක්වීමට විරෝධතා පුවරු රැගත් ‘මව්බිම’ සේවක පිරිසද තම පරිශ්‍රය ඉදිරිපිටට පැමිණියහ. ‘විදර්ශනගේ NGO දර්ශන අපට එපා, පාරේ පහරනNGO සමනලියෝ, මාධ්‍ය නිදහසට බුරන NGO කුක්කෝ, NGO සල්ලිවලට කැස්සා මදිද, බැඳුම්කර සල්ලිවලට මාධ්‍යට ගොරවන්න එපා, රනිල්ට කඩේ යන වෙස්මූණුකාරයන්ට අපි බය නැහැ’ ආදී වශයෙන් පුවරු රැගත් ‘මව්බිම’ – ‘සිලෝන් ටුඩේ’ සේවක පිරිසද විරෝධය දැක්වීම ඇරැඹී කෙටි වේලාවකින් NGO නඩය විසිර ගියේ ‘හූ’ හඬ මධ්‍යයේය.

‘කළු මාධ්‍ය’ යන වචනය රටට හඳුන්වා දුන්නේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

ඒ මෙරට උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමිනි. එතුමා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් පවසා සිටියේ ‘වන්දි ගෙවීමට චෙක්පත් සූදානම් කරගන්නා’ ලෙසය.

කළු මාධ්‍යවේදීන් කවුරුන් දැයි නම් වශයෙන් ජනවාරි මාසයේදී හෙළිකරන බවට අග්‍රාමාත්‍යවරයා තර්ජනාත්මක ප්‍රකාශයක්ද කෙළේය.

ඊයේ සිරස, මව්බිම, ලංකාදීප ආදී මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ යෙදෙමින් තර්ජනය කළ කණ්ඩායමේ එක් ප්‍රධානියෙක් වූයේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ස්වාධීන රූපවාහිනි සේවයේ (ITN) ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ බිමල් කැටිපෙආරච්චිය.

කළු මාධ්‍ය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පුනරුච්චාරණය කරමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කොට තිබිණි.

මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad

Pages