“මේකා හමුදාපතිවරයෙක් නෙවෙයි පෝරිසාදයෙක්” – තෙවරප්පෙරුම ෆොන්සේකාව පතුරු ගසයි (VIDEO) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

“මේකා හමුදාපතිවරයෙක් නෙවෙයි පෝරිසාදයෙක්” – තෙවරප්පෙරුම ෆොන්සේකාව පතුරු ගසයි (VIDEO)

තමන් කලින් දරන ලද වනජීවී නියෝජ්‍ය ඇමැතිකම දරන ලද්දේ සරත් ෆොන්සේකා මහතාගේ ඇමතිධූරය යටතේ බවත් ඔහු පෝරිසාදයෙක් බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ උතුරේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා කිලිනොච්චියේ ගොස් සිටි අවස්ථාවකදී මාධ්‍ය අමතමිනි.

ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයෙක් වුවද තනිකරම පෝරිසාදයෙන් යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කරද්දී ෆොන්සේකා මහතා නිසා ඒවා දරා සිටීමට නොහැකි වූ බවද පැවසීය.

තමන් දිනක් යාල කැලේ වලහෙක් බේරා ගන්න ගිය අවස්ථාවේ තමන් කැලේ මැද බස්සවා වාහනය ආපසු ගෙන්වා ගත් බවත් ෆොන්සේකා සිතා සිටින්නේ ඒවා ඔහුගේ අම්මා අප්පාගේ දේපලක් ලෙස බවත් තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි.

මෙවර සරත් ෆොන්සේකා මහතාට ඇමතිධුරය නොලැබී ඇත්තේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව බවත් ඔහුට ඇමති දුන්නා කියා වැඩක්ද නැති බවත් ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad

Pages