ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක් (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-12

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක් (Video)

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි.

ඊයේ(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පොදුජන පෙරමුණ තීරණාත්මක බලවේගය වියයුතු බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප‍්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ සියයට 14 ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප‍්‍රකාශයක් කළා.

කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී‍්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්.‘‘


Post Bottom Ad

Pages