උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දී පාසල් 1029ක නියමු ව්‍යාපෘතියක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දී පාසල් 1029ක නියමු ව්‍යාපෘතියක්

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන උසස් පෙළ පන්ති පැවැත්වෙන ප්‍රධාන පාසල් 1029ක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ(12) කැබිනට් අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රුපියල් කෝටි 10ක වියදමින් රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ඉදිකැරුණු නව පිහිනුම් තටාකය සිසු අයිතියට පත් කිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ(12) පැවැති උත්සවයේ දී අදහස් දක්වමිනි.

එහි දී අදහස් දැක්වූ ඇමැතිවරයා,

පසුගිය කාලයේ එක එක ප්‍රශ්න නිසා කරගන්න බැරි වුණත් මේ රටේ උසස් පෙළ හදාරන සියලු ම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ(12) තමයි අපි කැබිනට් පත්‍රිකාවක් දැම්මේ. උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් 2800න් ප්‍රධාන පාසල් 1029ක පමණ නියාමන වැඩසටහනක් ලෙස මෙම ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඒ අනුව ඊයේ (12) කැබිනට් අනුමැතිය ලැබුණා. අපි මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ගමන් මඟ හදන්න තමයි කටයුතු කරන්නේ. හර්ෂ ද සිල්වා ඇමැතිතුමාගේ මැදිහත්වීමෙන් කෝට්ටේ ප්‍රදේශයේ විද්‍යාලයක ටැබ් පරිගණක ලබා දීම ආරම්භ කර මේ වනවිට එම කටයුතු ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අපි දියුණුව කරා යාමට අවශ්‍ය හැම වෙනසක් ම කරනවා.

පිහිනුම් තටාක හැදුවා වගේ ම පාසල්වල ක්‍රීඩා පුහුණු කිරීම් සඳහා ක්‍රීඩා ගුරුවරුන් ද අවශ්‍යයි. මේ නිසා අපි පසුගිය කාලයේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගත්තා. තව මාසයක් යන්න පෙර ඒ අයට පත්වීම් ලබා දී රට පුරා පාසල්වලට අවශ්‍ය ක්‍රීඩා පුහුණුකරුවන් ටික අපි ලබා දෙනවා' යනුවෙන් ද පැවැසීය.

ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද එහි දී අදහස් දැක්වීය.

සිතාරා සේනානි, කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද ඒකනායක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages