සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයෙන් ඩො. මිලියන 1,850ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයෙන් ඩො. මිලියන 1,850ක්

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ජපන් ආධාර මත කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කරන සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘතිය ඇ. ඩොලර් මිලියන 1,850 කින් ඉදිකිරීමට සැලසුම් කැර තිබේ.

මහා නගර ඇමැති චම්පික රණවක මහතා සහ තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. එම අවස්ථාවට එංගලන්ත, ජපාන, කැනඩාව, දකුණු අප්‍රිකාව, තායිලන්ත, ඉතාලි, ස්විස්ටර්ලන්තය සහනෙදර්ලන්ත යන රටවල තානාපතිවරු එක් වුහ.

මෙහිදී අැමැති චම්පික රණවක මැතිතුමන් මහා නගර අමාත්‍යාංශය මඟින් කි‍්‍රයාත්මක කරන මහා නගර ව්‍යාපෘතින් හි ප‍්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ තානාපතිවරුන් දැනුවත් කෙළේය. එහිදී තානාපතිවරුන් මහා නගර ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳ සිය ප‍්‍රසාදය එහිදී අැමැතිවරයා වෙත පළ කළ සිටියේ ය.

ජපන් ආධාර මත කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක කරන සැහැල්ලූ දුම්රිය සේවා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ඇමැති චම්පික රණවක මහතා සහ ජපාන තානාපති අකිරා සුගයාමා මහතා අතර තොරතුරු හුවමාරු විය. එහිදී අැමැතිවරයා සඳහන් කෙළේ මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයේ ජයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 1,850 ක මුදල සියයට දශම එකේ සහන පොලියට ලබාදීම පිළිබඳව තම ස්තූතිය ජපන් රජයට පිරිනමන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages