වසර 2014 වන විට ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කර තිබුණා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

වසර 2014 වන විට ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කර තිබුණා

මේ රට 2014 වෙන කොට මත් ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර තිබුණා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අපරාධකාරයෝ එක්ක ඩුබායි රටේදී අත් අඩංගුවට පත් වී ඇතැයි ද ඇමැතිවරිය කීවාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ පෙරේදා(11) සාම විනිසුරුවරු සඳහා පත් වීම් පිරිනැමීමේ උත්සවයකට රත්නපුර කහවත්ත පනාවැන්න ප්‍රදේශයේදී එක්වෙමිනි. මෙහිදි සාම විනිසුරු පත් වීම් 220 ක් ලබා දෙන ලදී .

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී ඉෆ්ලාර් යෙහියා, කලවාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක යන මහත්වරු ඇතුළු පිරිස එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages