ජාතික ආණ්ඩු යෝජනාව 20 වනදා යළි පාර්ලිමේන්තුවට… එදාටත් කලබැගෑනියක් ! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ජාතික ආණ්ඩු යෝජනාව 20 වනදා යළි පාර්ලිමේන්තුවට… එදාටත් කලබැගෑනියක් !

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව පෙබරවාරි 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවතිය ද අවසන් මොහොතේ එය කල්දමනු ලැබිණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කර ඇති අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් එය 48ක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් විපක්ෂයේ සියලුම පක්ෂවලින් මීට විරෝධය පළව ඇති අතර එක්සත් ජාතික පෙරමුණේ ම පසුපෙළ මන්ත්‍රීවරුන් ද මීට සිය විරෝධය ප්‍රකාශ කර තිබිණි.

එහෙයින් මෙවන් දැඩි විරෝධයක් මධ්‍යයේ මෙම යෝජනාව එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණහොත් පාර්ලිමේන්තුව තුළ නැවතත් දැඩි කලබැගෑනියක් ඇතිවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages