සාක්ෂි විභාගය ලබන 28 වන දා ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

සාක්ෂි විභාගය ලබන 28 වන දා ඇරඹේ

පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය ලබන 28 වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ වනවිට කොමිසමට පැමිණිලි 27 ක් ලැබී ඇති අතර එම පැමිණිලි සිදුව ඇති අක්‍රමිකාතාවයේ පාඩුව අනු පෙළ ගස්වා විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව ද වාර්තාවේ.

විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක මෙහෙයවීමෙන් විමර්ශන සිදුකිරීමට සැලසුම් කර තිබේ.

2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයයි.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි මාර්තු මස 07 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකියි.

ඒ අනුව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකි බව කොමිසම සඳහන් කළේ ය.

011- 2665382 යන දුරකථන අංකයට ඒ පිළිබඳව තොරතුරු වාචිකව ද ඉදිරිපත් කළ හැකි වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages