මධුෂ්ගේ අනියම් බිරියගේ පුංචි අම්මාගේ නිවසෙන් වාහන 2ක් හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

මධුෂ්ගේ අනියම් බිරියගේ පුංචි අම්මාගේ නිවසෙන් වාහන 2ක් හමුවෙයි

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරියගේ පුංචි අම්මාගේ නිවස පරික්ෂාවට ලක්කළ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී වෑන් රථයක් සහ ජීප් රථයක් ඊයේ(13) සොයාගෙන තිබේ.

සුපුගස්කන්ද පොලිස් වසමේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මදූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරියගේ පුංචි අම්මාගේ(මවගේ නැඟණිය) නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරික්ෂා කර එහි නවතා තිබූ කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සොයගෙන ඇත. මෙම වෑන් රථය මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරියගේ මවගේ නමට (ඇය මේ වන විට මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි) ලියාපදිංචි කර ඇත. ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරයගේ බාප්පාගේ නමට ලියාපදිංචි කර ඇති බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගන්නා ලද මෙම වාහන දෙක සපුගස්කන්ද පොලිස් ස්ථානයට භාරදීමට නියමිත අතර මෙම වාහන මාකඳුරේ මධූෂ් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට පොලිසිය සැකකරන අතර ඔහුගේ සමීපතමයන් පිළිබඳ පොලිසිය දිගින් දිගටම මෙහෙයුම්වල නිරතව සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages