බෝපත් ඇල්ලේ නැරඹීමේ වේලාව පැය දෙකකින් දික්කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

බෝපත් ඇල්ලේ නැරඹීමේ වේලාව පැය දෙකකින් දික්කරයි

කුරුවිට සමූහ රූපිකා කේ.බණ්ඩාර

කුරුවිට,බෝපත් ඇල්ල නැරඹීමේ කාලසීමාව පැය දෙකකින් දීර්ඝ කිරීමට ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.ඉකුත් මාසයේ බෝපත් ඇල්ලෙන් ලද ආදායම රුපියල් එක්ලක්ෂ පනස්තුන්දහස් හැත්තෑවක් වන අතර නිදහස් දිනයදා පමණක් රුපියල් 85000කි.බෝපත් ඇල්ල නැරඹීමේ පහසුකම් වැඩිදියුණු කරමින් නව රථගාලක් හා ළමා උද්‍යානයක් ඉදිකිරීමටද කටයුතු කෙරේ.

මේ සංවර්ධන කටයුතු සඳහා මේ වනවිට රුපියල් මිලියන 4ක මුදල් ප්‍රතිපාදන ලැබි තිබෙන අතර හිටපු සබරගමු පළාත් ආණ්ඩුකාරිනී නිලූකා ඒකනායක මහත්මිය හා වත්මන් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාද මේ පිළිබඳව අවධානය යොමු කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages