සහරා ෆ්ලෑෂ් කණ්ඩායමට ගල් ප්‍රහාරයක් – ශිල්පියෙකුට තුවාලයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

සහරා ෆ්ලෑෂ් කණ්ඩායමට ගල් ප්‍රහාරයක් – ශිල්පියෙකුට තුවාලයි!

එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබේ.

එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබෙනවා.

ප්‍රසංගය පැවති ප්‍රදේශයේ අයෙකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ එයට උරණ වූ නරඹන්නෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්.

මේ අතර ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ වාදන ශිල්පියා කිසිවෙකු රෝහල්ගතකිරීමට ඉදිරිපත් වී නැත. ඒ අවස්ථාවේ සියලු දෙනා බලාසිටියදි ඔහු කඩිනමින් රෝහල්ගතකර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ විසිනි.

එහිදී ඔහු මුදල්ද අමතක කරමින් ප්‍රසංගය අතහැර දමා තුවාල ලැබූ හසිත රෝහලට ගෙන ගොස් ඔහු සමග රෝහලේ රැඳී සිටීමටද චාමර කටයුතු කර තිබෙනවා.

සිදුවීම පිළිබඳ හසිත කෝකිල සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,

// 2019.02.12 දින ජීවිතයේ අමිහිරිම අත්දැකීමට මුහුණ දීමට සිදුවීම ගැන කණගාටු වෙමි. වරද කාගේද යන්න මා හරියට දන්නේ නැත. මා කිසිවෙකුටත් වෙර කරන්නේද නැත. පලිගැනීමක්ද කිසිසේත් නැත. මම අදහන දෙවියන්වහන්සේ ජේසුස් වහන්සේ පමණක් විශ්වාස කරමි.! මෙම අනතුර සිදුවූ අවස්තාවේ මා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපතවූයේ නැත කිසිවෙකු වාහනයක් දුන්නේද නතර කලේද නැත. විශේෂයෙන්ම ගායන ශිල්පී “චාමර වීරසිංහ” අයය ඔබ එම අවස්තාවෙ කිසිවක් නොබල මා වාහනයට දාගෙන ඉතා ඉක්මනින් මා රාගම රෝහල වෙත රැගෙන ගියා. එතන් සිට ඔබ මා සමග ලගින් රැදී සිටියා ඔබගේ ප්‍රසංගයේ මුදල්වත් කිසිවක් ඔබ සිතුවේ නැත. ඉන් පසු යාමට තිබූ ප්‍රසංගයටද ගියේ නැත. මා රෝහලෙන් පිටවී යනතෙක්ම ඔබ මා සමග සිටීම මට මහත් සතුටක් මෙන්ම ඔබට ඒ සැමදේටම අනේකවාරයක් පින්…! කවුරැ මොන දේ කීවත් ඔබ හදවතේ ගායකයා ලෙස ඔබට මේ තරම් මිනිසුන් ආදරය කරන්නේ මේ මනුස්සකම නිසාවෙනි.. එම අවස්තාවේ සිට මේ දක්වා මාගෙ සුවදුක් සොයා බැලූ ඔබ සැමටම අනේකවාරයක් පින්..! මෙම සිදුවීම සිදු වූ පළමු සහ අවසාන පුද්ගලයා මම නොවෙමි.. අප ජීවත්වන්නේ ඉතා කෙටි කාලයකි. මේ සසර පුරාවට කොපමන වාරයක් අපි ඉපදී මියගොස් ඇත්ද.? එම නිසා පව් කිරීමට පෙර දෙපාරක් සිතන්න. අපගේ පොඩි හැකියාවෙන් වාදනයෙන් ගායනයෙන් ඔබ සතුටට පත්වූයේ නැතිනම් ඔබට හරිහැටි රසයක් ලබාදීමට නොහැකිවුවානම් අපි කණගාටුවන්නෙමු..! සංගීතය සමග දරැණු මත්ද්‍රවය පටලවාගැනීමෙන් වලකින්න. එයින් ඔබට ඉතිරිවන්නේ විකුර්ති වූ මනසක් පමණි. ඔබව සතුටු කිරිමට මේ සේවය ඉටු කලද, අවසානයේ අපිට දුක,වේදනාව,ලේ,කදුලු,කලකිරීමක් පමණක්ම වීම හිතට ඉමහත් වේදනාවකි…. මෙතුවක්දුර අපිව දුරිමත් කරන ආදරය කරන සහ ගල්මුල් එල්ල කරන ඔබ සැමටද අනේකවාරයක් පින්….!! හසිත කෝකිල(සහරා ෆ්ලෑශ්) //


No comments:

Post a Comment

Post Bottom Ad

Pages