මාතලේ දිස්ත්‍රික් සමූහ සහ සීගිරිය විශේෂ
සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වැනිදා සිට උදෑසන 6.30ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
මීට පෙර සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාලයේය. බොහෝ විදේශික සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කොට පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලයේදී ඇතුළත්වීමට අවශ්‍ය ඉඩකඩ සපයාදීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉදිරියේදී අත්හදා බැලීමෙන් පසුව අලුයම පහට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය.
දැනට අතිවිශාල සංචාරකයන් පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන බවද පෙරවරුවේ 09ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්ත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සීගිරිය නැරඹීමට අවස්ථාව උදා කරදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකඟත්වය පරිදි විෂය භාර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අනුමැතිය ලබාදුන් බව හෙතෙම සඳහන් කළේය .
No comments:
Post a Comment