අ’පුර පරිසර සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

අ’පුර පරිසර සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

අනුරාධපුර මධ්‍යම විශේෂ සහ මිහින්තලේ විශේෂ

පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මඟින් සංවිධාන කරන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද (14) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සමුළුවේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව  මුහුණ දී සිටින පරිසර ගැටළු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන වන අලි ගැටලුව එහිදී ප්‍රමුඛ වෙයි.

එමෙන් ම මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරින් සහ පාසල් සිසුන් ද මෙම සමුළුවට එක්වන අතර පරිසර සංරක්ෂණය පිළිබඳ ඔවුන් මඟින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන අරමුණයි. මේ අතර රටම මුහුණදෙන කසළ කළමනාකරණය, ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීම, වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව ද පුළුල් අවධානයක් මෙහිදී යොමු කෙරේ.

පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියට හඳුන්වා දුන් පුළුල් වූ පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙළ වන්නේ ,නීල - හරිත යුගයක්, අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා වන ක්‍රියාදාමයයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින

ආයතන සියල්ලම ඒකාබද්ධ කර ගනිමින් මෙම පුළුල් වැඩසටහන මේ වන විට ශක්තිමත්ව ක්‍රියාවට නංවා තිබේ.

හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අදාළ ක්‍රියාකාරකම්, හරිත ගොඩනැගිලි සංකල්පය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන්, ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන්, පරිසර හිතකාමි විද්වත් කථිකා තුළින් පාරිසරික සාක්ෂරතාව වර්ධනය කිරීම, ජනාධිපති පරිසර සම්මාන, ජාතික පරිසර නියමු වැඩසටහන ශක්තිමත්

කිරීම, රැක් රෝපණ වැඩසටහන් ආදි වශයෙන් පු'ථල් පරාසයක පැතිරුණු ක්‍රියාදාමයක් මෙහි අන්තර්ගත ය.

මෙවැනි පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් රටට හඳුන්වාදීම කඩිනමින් සිදු කෙරුණේ 2015 වර්ෂයේ දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක නායකයන්ගේ පරිසර සමු'ථවේ දී ඇතිකරගත් එකඟතාවලට අනුගත වූ ආසියාවේ ප්‍රමුඛ රටක් බවට ශ්‍රී ලංකාව පත් කරමිනි.

මේ අතර පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා මෑතක දී වැදගත් තීන්දූ තීරණ රැසකට එළැඹුණු අතර අනවසරයෙන් ගංගා ඇළ දොළවල වැලි ගොඩ දැමීම තහනම් කිරීම, වනාන්තර එළිකිරිමට විරුද්ධව නීති රීති ශක්තිමත් කර වන සම්පත ආරක්ෂා කර ගැනිමට පියවර ගැනීම, ඉදිකිරීම්වලදි පරිසර වාර්තා සැපයීම අනිවාර්යය කර නායයාම්, ජල ගැලීම් වැනි පාරිසරික ගැටලු අවම කර ගැනීමට පියවර ගැනීම යන කරුණු ඒ අතරින් ප්‍රමුඛ වෙයි. මේ අතර පොලිතින් තහනම මෙන්ම ගස් කැපීමට භාවිතා කරන චේන්ෂෝ යන්ත්‍ර බලපත්‍රයකට යටත් කිරීම මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කිරීම ජනාධිපතිවරයා විසින් අනාගතය වෙනුවෙන් පරිසර රැක ගැනීමට ගත් වැදගත් තීන්දු තීරණ වෙයි.

28්‍ර ක් වන මෙරට වන ගණත්වය ඉදිරි වසර කිහිපය තුළ 32 දක්වා ඉහළ නංවා ගැනීම අපේක්ෂාව වන අතර,

එම අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වන විනාශය වසරකට 1ක් බැගින් අඩු කර ගැනීමේ වැඩපිළිවෙළ ද ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක ය. ඒ යටතේ පාසල් දරුවන්, රාජ්‍ය අංශය හා පොදු ජනතාව පැළ සිටුවීමට යොමු කරමින් රාජ්‍ය අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව පැළ සිටුවීමේ

වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පළතුරු පැළ බෙදාදීම සහ පළතුරු වගා ව්‍යාපෘති සඳහා මුල්‍යාධාර ලබාදීම, දිස්ත්‍රික්කයේ මී පැළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතියකට මූල්‍යාධාර ලබාදීම, පූජා නගරයේ අවිධිමත් කසළ කළමනාකරණය වැළැක්වීමේ නව ව්‍යාපෘතියකට ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් හෙට

ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරෙන අතර, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දායකත්වයෙන් දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජල ටැංකි 5000 ක් බෙදාදීමේ වැඩසටහන ද ආරම්භ කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages