මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් විනිවිදබවින් සිදුවෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් විනිවිදබවින් සිදුවෙනවා

Author(s): 
කමනි අල්විස්

මහා සංඝරත්නයෙන් පැසසුම්

අධිවේගී මාර්ග ඉතිහාසයේ ප්‍රථම වතාවට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමමින් දේශීය බැංකු සහාය කැරගනිමින් ඉටුකර තිබෙන අද්විතීය කාර්යභාරය පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ කෘතඥතාව ප්‍රශංසාව ආණ්ඩුවට පිරිනමන බව මහාසංඝරත්නය පෙරේදා (11) එක හඬින් ප්‍රකාශ කැර සිටියහ.

විනිවිදබවකින් යුතුව ආණ්ඩුව මෙම කාර්යභාරය ඉටුකර තිබෙන බවත් මේ හා සම්බන්ධව පතුරුවා තිබෙන විවිධ අසත්‍ය ප්‍රචාර පදනම් විරහිත කටකතා බව තමන්ට ප්‍රත්‍යක්ෂ වූ බවත් මහාසංඝරත්නය මෙහිදී ප්‍රකාශ කළහ.

ආණ්ඩුව සිදුකැර තිබෙන්නේ ඉතිහාසගත වන ශ්‍රේෂ්ඨ කටයුත්තක් බවත් මෙම දැවැන්ත කාර්යභාරය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකරලීමේ පදනම දැමුවේ ඇමැති අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වසර 2016 දී මහාමාර්ග ඇමැතිවරයා ලෙස ක්‍රියාකරද්දී බවත් එතුමාටත් මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේලා පැවසූහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නිරීක්ෂණයට ලක්වූයේ ඇමැති අධිනීතිඥ කිරිඇල්ල මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල ගැට්ටුවාන මංසන්ධියේ සිට ඇරැඹි මෙම නිරීක්ෂණ චාරිකාවට තිස්නමක් පමණ වන ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහභාගි වූහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමි, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමි, උඩරට අමරපුර නිකාය මධ්‍යම පළාත හා ‍තදනුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක වටගොඩ විජිත නාහිමි, රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමි, ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගි වෙමින් මාර්ග නිරීක්ෂණයේ යෙදෙමින් සෙත් පිරිත් දේශනා කළහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නිරීක්ෂණයට පෙරේදා (11) ලක්විය. මහා විහාරවංශික ශ්‍ය‍ාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, මහියංගණ රාජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ෂිත නාහිමි, බදුලු මුතියංගන රාජමහා විහාරයේ භාරකාර මුරුද්දෙනියේ ධම්මරතන හිමි, උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත හා තදනුබද්ධ ප්‍රදේශවල සංඝනායක බටගොඩ විජිත නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති හිමි ඇතුළුව ඇමැති අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය ඇමැතිවරුන් වන රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, ජේ. සී. අලවතුවල සහ මන්ත්‍රී මයන්ත දිසානායක මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය - සමන්ත වීරසිරි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages