මහින්දානන්දගේ නඩුවක් ජුනිවලට කල් යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

මහින්දානන්දගේ නඩුවක් ජුනිවලට කල් යයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 13 වනදා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු ලංකා බැංකු ශාඛාවේ පවතින ගිණුමට අදාළව එම බැංකුවේ නිලධාරියෙකු විසින් සාක්ෂි ලබා දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ අද නඩු විභාගය පැවැත්වුණි.

විත්තියේ හරස් ප්‍රශ්න විමසීම ජුනි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages