අගමැති ගිය උත්සවයේ ජාතික ගීය පළමු තැන දෙමළ බසට.. දෙවැනි තැන සිංහල බසට… - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

අගමැති ගිය උත්සවයේ ජාතික ගීය පළමු තැන දෙමළ බසට.. දෙවැනි තැන සිංහල බසට…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සටහනට ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සිදුවන ලෙස වැඩ සටහන සකස් කොට තිබීම පිළිබදව කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාපනයේ නිලධාරීන්ගෙන් අප්‍රසාදය පල වී තිබේ.

ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සලස්වා ඇත්තේ ජාතික ගීය දෙමළෙන් හා සිංහලෙන් ගායනා කිරීමට අවස්ථා දෙකක් වෙන් කොට තිබීම නිසාය.

වැඩ සටහනට අනුව දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට පෙරවරු 09-45 ද සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට පෙරවරු 10-12 ද වෙන් කොට තිබුණි.

නමුත් මෙතෙක් උතුරේදී ජාතික ගීය ගායනය සිංහල හා දෙමළ භාෂාවෙන් සිදු වූයේ එක් අවස්ථාවකදී එකවරය.

දෙමළ බසින් ගායනා කරන ගීය අපේ ජාතික ගීයේ තනුවට පමණක් සමාන වුවත් එහි ඇතැම් වචන ගැලපීමක් නොමැත. කෙසේනමුත් දෙමල බසින් ජාතික ගීයක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක් සඳහනක් නොමැත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages