කන්ගනාගෙන් සමාව ඉල්ලන ආලියා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

කන්ගනාගෙන් සමාව ඉල්ලන ආලියා

පෙබරවාරි 14, 2019

බොලිවුඩ් නළු නිළියන් අතරේ මිතුරුකම් සේම හිත නොහොඳකම් ද බොහෝ වෙයි. ඒ වගේම යම් යම් සිදුවීම් නිසා මිතුරුකම් සතුරුකම් බවට හැරවෙන හැටිත් පුදුමයක් නෙවෙයි. මේ දවස්වල කන්ගනා රනවුත් ඉන්නේ තරමක් කණස්සල්ලෙන්. එයට හේතුව Manikarnika  චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට බලාපොරොත්තු වුණු කිහිප දෙනෙකුගේ උපකාර නොලැබීමයි. පසුගිය දවසක පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමීර් ඛාන් සහ ආලියා භාත් වෙත ඇය එක එල්ලේම චෝදනා කර සිටියා. Dangal, Secret Superstar, Raazi චිත්‍රපටවල පූර්ව ප්‍රචාරක කටයුතුවලට තමා උපකාර කළත් අමීර් සහ ආලියා වැනි කර්මාන්තයේ බොහෝ දෙනා තමන්ගේ චිත්‍රපටයට උපකාර නොකර මඟහැර සිටි බව එහිදී කන්ගනා පැවසුවා.

කන්ගනාගේ මේ කතාවට ආලියාගේ හිතත් හොඳටම රිදිලා. ඇයගේ සිත රිදවූවාට සමාව ඉල්ලා සිටින බව ආලියා පවසනවා. "කන්ගනා කියන්නේ මම බොහොම ප්‍රිය කරන නිළියක්. හිතාමතා මම ඇයගේ කටයුත්ත මඟ හැරියේ නැහැ. ඒ වෙනුවෙන් පෞද්ගලිකව මම ඇයගෙන් සමාව ඉල්ලා සිටිනවා" ආලියා ද සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියා.





Sarasaviya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages