පේරාදෙණිය - මොරටුව සරසවි ශාඛා මාලදිවයිනටත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

පේරාදෙණිය - මොරටුව සරසවි ශාඛා මාලදිවයිනටත්

සමන්මලී ප්‍රියශාන්ති

ඉතිහාසයේ ප්‍රථමවරට මෙරට විශ්වවිද්‍යාල ශාඛාවක් විදේශ රටක ස්ථාපිත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට සැළසුම් සකස් කෙරේ.

මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය ඉදිකිරිම් හා පහසුකම් සැලසීම සඳහා කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොහීඩ් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ පැවැති සාකච්ඡාව අතරතුරදී නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා මේ විශ්වවිද්‍යාල ශාඛා ඇති කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කිරීමට නියමිතය.මේ වැඩපිළි‍වෙළට අනුව එහි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යාපන කටයුතු හැදෑරිය යුතු අතර අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ තම පාඨමාලාව සම්පූර්ණ කළ යුතු වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages