වෙනිසිව්ලාවට අත නොතබනු! රුසියානු විදේශ ඇමති ඇමරිකානු රාජ්‍ය ලේකම් ට දෙහි කපයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

වෙනිසිව්ලාවට අත නොතබනු! රුසියානු විදේශ ඇමති ඇමරිකානු රාජ්‍ය ලේකම් ට දෙහි කපයි

පසුගිය අඟහරුවාදා රුසියානු විදේශ ලේකම් සර්ජි වික්ටෝරොවිච් ලැව්රෝව් මහතා විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී වෙනිසිව්ලාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අවවාද කළ බව වාර්තාවේ.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව වෙනිසිව්ලාවට එරෙහි බලය පාවිච්චි කිරීම හෝ අභ්‍යන්තර නීති වලට පටහැනිව ක්‍රියා කිරීමට උත්සාහ නොකරන ලෙස එහිදී වැඩි දුරටත් අවවාද කොට ඇති බවද වාර්ථා වේ.

ඇමෙරිකානු රජය වෙනිසිව්ලාවට අදාලව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අවස්ථාවක එවැනි තත්ත්වයක් ඇතිවීම විශේෂ ප්‍රවණතාවක් බව විශ්ලේෂකයෝ පවසති.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages