අගමැති අද සිට යාපනයේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

අගමැති අද සිට යාපනයේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(14) හෙට (15) සහ අනිද්දා(16) තෙදින පුරා යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීම් ඇතුළු වැඩසටහන් රැසකට සහභාගී වේ.

ඒ යටතේ යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීම ඇතුළුව නිවාස, නැවත පදිංචි කිරීම්  හා සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචනය , නැවත පදිංචි කිරීම් ගම්මාන දෙකකය මුල්ගල තැබීම් , නිරීක්ෂණ චාරිකා කිහිපයක් සහ 15 වැනිදා මන්නාරම බස්නැවතුම් පොළ අසල ජන හමුවක් ද පැවැත්වීමට නියමිත යි.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් නැගෙනහිර, කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීම සහ යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික් නිලධාරී හමු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

එහිදී එම තෙදින තුළදී පිළිවෙලින් අද (14) දිනයේ දී වලිකාමම් නැඟෙනහිර ප්‍රදේශීය ලේකම් කාර්යයාලයේ දී නව ගොඩනැඟිල්ල විවෘත කිරීම , යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ දී නිවාස හා නැවත පදිංචි කිරීම් සහ අනිකුත් සංවර්ධන ව්‍යාපෘත් වල ප්‍රගති සමාලෝචන රැස්වීම , යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම , පලාලි ගුවන්තොටුප‍ෙළේ නිරීක්ෂන චාරිකාව ,මයිලඩ් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී නැවත පදිංචි කිරීම් සහ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම සහ කන්කසන්තුරය වරායේ නිරීක්ෂණ චාරිකාවකට ද හෙට (15) දිනයේ දී කිලිනොච්චිය මහරෝහල සඳහා වෛද්‍ය උපකරණ ලබා දීම සහ හදිසි අනතුරු ඒකකය සඳහා මුල්ගල තැබීම , කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යයාල වලදී නිවාස , නැවත පදිංචි කිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචන රැස්වීම , මන්නාරම පුල්ලිමුනෙයි නැවත පදිංචි කිරීම් ගම්මානයේ නිවාස ව්‍යාපෘතියට මුල් ගල තැබීම සහ ජනහමුවකට සහභාගී වීමටද සහ අනිද්දා (16)දිනයේදී

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ දී නිවාස, නැවත පදිංචි කිරීම් සහ සංවර්ධන කටයුතු වල ප්‍රගති සමාලෝචනය රැස්වීමක් ද පැවැත්වේ.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් රුපියල් ලක්ෂ 446 ක වියදමකින් මේ ගොඩනැඟිල්ල ඉදිකර ඇත.

මේ ගොඩනැඟිල්ල මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලෙහි විශේෂත්වය වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලිවල ඉදිකර ඇති අතර ගොඩනැගිල්ල සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ජනතාවට ඉතා විශාල සේවයක් සිදුකළ ද ඇතැම් කාර්යාල ඉතා අඩු පහසුකම් සහිත ප්‍රමාණවත් තරම් ඉඩක් නොමැති ස්ථාන බවට පත්ව තිබීම හේතුවෙන් එම සේවය කාර්යක්ෂමව සිදුකිරීමේ යම් යම් ගැටලු ඇතිවන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම රජයේ ඉලක්කයක් බව ද ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ අවස්ථාවන් සඳහා යාපනය සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිඇමැතිවරු සහභාගිවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages