විග්නේශ්වරන්ගේ මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

විග්නේශ්වරන්ගේ මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි

තමාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් විසින් මතුකළ මූලික විරෝධතා අද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කුමුදුනී වික්‍රමසිංහ සහ  ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනා ඉදිරියටත් විභාග කිරීමට තීරණය කර ඇති  විනිසුරු මඩුල්ල එය විභාගයට ගන්නා දිනය ලබන සිකුරාදා තීරණය කරන බව කියා සිටියේය.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ බී.ඩෙනිෂ්වරන් විසින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබුණි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages