රඟපෑම කට්ටක් කියලයි මගේ මහත්තයා කියන්නේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

රඟපෑම කට්ටක් කියලයි මගේ මහත්තයා කියන්නේ

නදීපා රණසිංහ
පෙබරවාරි 14, 2019

නදීපා රණසිංහ යනුවෙන් මා ඇය නමින් හඳුන්වා දුන්න ද ක්ෂණයකින් නදීපා ඔබට හඳුනා ගත නොහැකි වීම සාධාරණය. දිගු කලකින් ඇයගේ රුව පුංචි තිරයේ දිස් නොවීම එයට හේතුව වන්නේය. දෙදහස් දෙක වසරේ සිට නදිපා නිවේදිකාවක ලෙසින් අප හමුවට එන්නට පටන් ගත්තීය. වසර ගණනාවක් නාලිකා දෙකකින් ඇය අපට දක්නට හැකි විය. එකල රංගනයට ද ඇයට ලැබූ අනන්ත අප්‍රමාණ ආරාධනා පිළිගැනීමට ද නොහැකි වූයේ නිවේදන වෘත්තීය නිසාය. හිටි හැටියේ පුංචි තිරයෙන් අතුරුදන් වූ නදීපා යළිත් මෑතකදී ක්ෂේත්‍රයට පිවිසියාය. එදා ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට සහභාගි වී ජය‍්‍රහණයන් අත්පත් කොට ඇය වෙනමම නමක් ගොඩ නඟාගෙනය. ඒ ගැන සවිස්තරාත්මකව ඇය ඔබට මෙලෙස පවසනු ඇත.

ඔබ ලැබූ ජයග්‍රහණයන් ද්විත්වය ගැන පළමුව සඳහන් කරමු?

මිසිස් ශ්‍රී ලංකා - මිසිස් යුනිවර්ස් තරගාවලියේ ගිය වසරේ දී ජයග්‍රහණය ලැබුවේ මම. ඒත් සමඟම මිසිස් යුනිවර්ස් කියන තරගාවලියෙත් හොඳම පර්ෆෙක්ට් වුමන් කියන කැටගරියේ අංක එකටත් එන්න ලැබුණා. මේ ජයග්‍රහණ අයිති මට විතරක් නෙවෙයි, සමස්ත රටටමයි කියලයි මට හිතෙන්නේ.

ඔබ අපේ දන්න කියන කෙනෙකුගේ බිරියක්?

මගේ සැමියා චමත් පරණවිදාන. චිත්‍රපට ගණනාවක විශේෂ දෘශ්‍ය ප්‍රයෝග කළේ ඔහු. පතිරාජ මහත්මයාගේ සක්කාරං, ස්වරූප එතකොට මහ රජ ගැමුණු වගේ චිත්‍රපටවලට ඔහුගේ නිර්මාණ දායකත්වය ලබා දුන්නා. සම්මානත් අරගෙන තියෙනවා.

ඒ වගේම ඔබ ආදරණීය මවක්. මවක් වීමෙන් අනතුරුව කාන්තාවන් තම රූපය ගැන සැලකිල්ලක් දක්වනවා අඩුයි. නමුත් ඔබ රූ රැජන තරගාවළියන්ට සහභාගි වී ජයග්‍රහණයන් පවා ගත්තා?

ඇත්තම කිව්වොත් මමත් කාලයක් මගේ රූපය ගැන හිතුවේ නැහැ. හරියට මහත් වුණා. මගේ දියණියට දැන් අවුරුදු හතරක්. අවුරුදු තුනක්ම මං මව් කිරි දුන්නා. ඉතාම කෙටි කලක් ඇතුළත මං කෙට්ටු වුණා.

ඉතාම කැපවීමෙන් ක්‍රියා කරලා ශරීරයේ හැඩය මනාව සකසා ගත්තා. මෙවන් වූ තරගාවලියකට යන්න හිතකුත් තිබුණා. ඒත් ඉතින් පර්ෆෙක්ට් විදිහට එයට ඉදිරිපත් වෙන්නත් ඕනෙනෙ. මනාව කැප වෙලා ඇඟ හදා ගත්තා. හිත ඇත්නම් ඕන දෙයක් කරන්න පුළුවන්.

නිවේදිකාවක ලෙසින් ඔබ චාරිකාව ආරම්භ කළ අන්දම මතක් කළොත්?

මට අවුරුදු දොළහෙදි විතර තමයි ගුවන් විදුලියට එන්නේ. එතැන් පටන් ගුවන් විදුලියේ ළමා පිටියේ නොයෙකුත් අංගවලට එකතු වුණා. ඒලෙවල් කරනකම්ම ගුවන් විදුලියේ තමයි ජීවිතය ගත කළේ. ඊට පස්සේ හඬ කැවීම් ශිල්පිණියක විදිහට ජාතික නාළිකාවේ කටයුතු කළා. ටයි මහත්තයත් එක්ක මං වැඩ කරලා තියෙනවා.

හොඳට බැනුම් එහෙමත් අහලා ඇති?

මට නම් වැඩිය බැනුම් අහන්න ලැබිලා නැහැ. නමුත් අනෙක් අයට බනිනවා මට ඇහිලා තියෙනවා. අපිව වෙවුලනවා එතකොට. මොනවා වුණත් හරිම සුන්දර අතීතයක්. පස්සේ මං අයි ටී එන් එකට ආවා. සෑම සිකුරාදාවකම උදෑසන ලයිව් එක කළා. අවසානයේ සේවය කළේ ස්වර්ණවාහිනි ආයතනයේ.

ඔය කාලේ නේද රංගනයට අවස්ථාවන් ලැබිලා ඔබ ඒවා අහිමි කර ගන්නේ?

මහේෂ් අයියා (මහේෂ් රත්සර මද්දුමආරච්චි) තරහ වෙලත් හිටියා කාලයක්. මට එයාගෙ නාට්‍යයක ප්‍රධාන චරිතයකට ආරාධනා කළා. ඇග්‍රිමන්ට් එක කරන්න තිබුණු දවසෙමයි මට ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදිහට පර්මනට් ජොබ් එක ලැබුණේ. මං ඒකට ගියා. රඟපාන්න නම් කවදා බැරිද කියලා හිතුණා.

ඒත් ඔබ පසුව ස්වර්ණවාහිනියෙනුත් ඉවත් වෙනවනෙ?

ගොඩක් කාලයක් මං ස්වර්ණවාහිනියේ හිටියා. නිතිඥාවරියක විදිහට දිවුරුම්දීමෙන් අනතුරුවයි මං ඉවත් වුණේ.

දැන් ඔබ ආයෙත් ක්ෂේත්‍රයට ඇවිත්?

මට හිතෙනවා මට දැන් වෙලාව තියෙනවා කියලා. රඟපාන්න ආරාධනා එහෙමත් ලැබෙනවා. හොඳ නිර්මාණවලට එකතු වෙන්නයි අපේක්ෂා කරන්නේ.

මහත්තයා කැමැතිද ඔබ රඟපානවට?

එයාගෙන් ගැටලුවක් නැහැ. රඟපෑම හරිම කට්ටක් කියලා තමයි ඔහු නම් කියන්නේ.

                                        

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages