මන්නාරමේ අස්ථි ගැන කාලනිර්ණ වාර්තාව අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

මන්නාරමේ අස්ථි ගැන කාලනිර්ණ වාර්තාව අද

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව අද ලැබීමට නියමිත බව එහි කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ පවසයි.

කූරියර් සේවාව මගින් තමන්ට සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ වාර්තාව ලැබීමට නියමිත බව ද ඔහු සදහන් කලේය.

මන්නාරම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට මිනිස් අස්ථි කොටස් 316 ක් හමු වී ඇති අතර ඒවායෙන් 307 ක්ම මේ වනවිට ගොඩගෙන අවසන්. 

එම අස්ථි කොටස් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර තිබේ.

ඒ අතර, කුඩා ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 26 ක්  හමුවී ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages