ජිනීවා මානව හිමිකම් සැසියට ලංකාව ගැන තවත් යෝජනාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ජිනීවා මානව හිමිකම් සැසියට ලංකාව ගැන තවත් යෝජනාවක්

ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහාශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව එංගලන්තය සඳහන් කරයි.

ශ්‍රීලංකාවේ වගවීම, ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා යටතේ ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්‍රෝ යන රටවල් අනුග්‍රහය දැක්වීමට නියමිතය.

අදාළ රටවල්මීට පෙර 2015 වසරේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එයට ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වීය.

ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පවතින 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. නව ඒකාබද්ධ යෝජනාවලිය සඳහාද මානව හිමිකම් කොමිසමෙන් සහායලැබෙනු ඇතැයි එංගලන්තය නව යෝජනාවලිය පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමසඳහන් කරයි.

ශ්‍රී ලංකාවට අමතරව දකුණු සුඩානය හා සිරියාව පිළිබඳවද මෙවැනි ඒකාබද්ධ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages