නිශ්ශංක නානායක්කාර මහජන බැංකුවේ සභාපති ධූරයට! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

නිශ්ශංක නානායක්කාර මහජන බැංකුවේ සභාපති ධූරයට!

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපති ලෙස පත්කර තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව 2017 වසරේදී නිශ්ශංක නානායක්කාර මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරුණි.

පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියෙන් පසු යළි එක්සත් ජතික පෙරමුණ බලය පිහිටුවුවද අමාත්‍යාංශය විෂය පථයන් නම් කිරීමේ සිට එම ආයතනයන්ට සභාපතිවරු ඇතුළු ප්‍රධානීන් පත්කිරීමේ ප්‍රමාදයක් තිබුණි.

ඒ අනුව පසුගිය සතියේදී මහජන බැංකුවට සහ ලංකා බැංකුවට වැඩ බලන සභාපතිවරු පත්කළේය.

ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාභාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කෙරුණු අතර මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages