අධිකරණය දේශපාලකයන්ගේ පාපන්දුවක් කරගන්න ඉඩදෙන්නේ නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

අධිකරණය දේශපාලකයන්ගේ පාපන්දුවක් කරගන්න ඉඩදෙන්නේ නෑ

Author(s): 
කමනි අල්විස්

බංකොළොත් දේශපාලනඥයන්ට අධිකරණය පාපන්දුවක් කරගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරයේම පැවැසීය.

අධිකරණය දේශපාලන පාපන්දුවක් කරනොගත යුතු බවටත් අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

19 වන සංශෝධනයට එදා උදව් කළ පිරිස් අද එයට විරුද්ධව ක්‍රියා කරන බව පැවසූ අගමැතිවරයා ස්වාධීන අධිකරණය, ස්වාධීන පොලිසිය ඇතුළු ස්වාධීන කොමිසන් සභා ඇති කර ගැනීමට හැකිවූයේ 19 වන සංශෝධනය නිසා බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පොලිස් කොමිසම අධිකරණ ස්වාධීනත්වය තහවුරුවීමෙන් මත් උවදුර ක්‍රමානුකූලව මර්දනය වූ බවත් එහෙත් අද ඇතැමුන් අධිකරණය විවේචනය කිරීමට පටන්ගෙන ඇති බවත් එම විවේචන අධිකරණයේ ස්වාධීන ක්‍රියාවලියට මත් උවදුර මැඬලන ක්‍රියාවලියට බාධාවක් බවත් බංකොළොත් දේශපාලනඥයකුගේ මේ විවේචන දේශපාලන පාපන්දුවක් කරගන්නට ඉඩ නොදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

කවුරුන් කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් ස්වාධීන අධිකරණය, ස්වාධීන පොලිසිය සහ ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බවත් පැවසූ අගමැතිවරයා, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබීම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ ස්වාධීන පොලිසිය හා ස්වාධීන අධිකරණ ඇති කිරීමේ ප්‍රතිඵලයක් නිසා බවත් පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස ඒකක 384 ක් ඊයේ (12) ජනතා අයිතියට පැවරීමේ උත්සව සභාව අමතමිනි. මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ මඟපෙන්වීමෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙම අවස්ථාවට ඇමැති පාඨලී චම්පික රණවක මහතා ද සහභාගි විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages