මධූෂ් - අමල් - නාලකගේ සබඳතා සොයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

මධූෂ් - අමල් - නාලකගේ සබඳතා සොයයි

පාතාල නායක  මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක  අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට  ජාත්‍යන්තර පොලීසිය හරහා  කටයුතු කරන බව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග  දිසානායක ඉදිරියේ කරුණු  දක්වමින් එම දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේය.

මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා  සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව  ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු  ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

2016 වසරේදී  ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා  සමඟ දැඩි  සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.
 
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා  ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී  මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages