බුද්ධිමත් තරුණ පිරිස් නායකත්වය ගන්න අවශ්‍ය කාලය දැන් හරි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

බුද්ධිමත් තරුණ පිරිස් නායකත්වය ගන්න අවශ්‍ය කාලය දැන් හරි

අපේ කාලේ දැන් ඉවරයි

දැන් අවුරුදු 71ක් මේ රට පාලනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි.දැන් රට දියුණු වෙලා තියෙනවාද.මහින්ද මහත්තයාගේ කාලේ රට සංවර්ධනය කළා ඒක ඇත්ත.ඩී.එස් සේනානායක මහත්තයාගේ කාලේ ජනපද පිහිටෙව්වා ඒකත් ඇත්ත.නමුත් අපි අනෙක් රටවල් එක්ක බලනකොට තාම ඉන්නේ ඉතාමත්ම දිළිදු තැනක බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කීය. ඒ මහතා මේ බව පැවසුවේ මතුගම ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ .මේ රටට ඉතාම බුද්ධිමත් හොඳ තරුණ තරුණියො නායකත්වය ගන්න.ඒ නිසයි මම කියන්නේ පන්ති යනවා වගේම ,ඉගෙන ගන්නවා වගේම,විභාග පාස් කරලා රැකී රක්ෂාවලට යනකොට මේ රටේ අනාගතය ගැන හිතලා මේ රට භාර ගන්න ඕනෑ.

මහින්ද මහත්තයාගේ කාලේ මේ රටේ විශාල සංවර්ධනයක් වුණා.පාරවල් හැදුවා.පාසල් හැදුවා.රෝහල් හැදුවා.ණය අරගෙන හරි. ජනාධිපතිතුමා අවුරුදු හතරක් යනකම් මේ රටේ කිසිම දෙයක් කළේ නැහැ.කෙරුවානම් කියන්න.නමුත් දැන් මේ මෑත කාලයේදි එතුමා ඉතාම හොඳට වැඩ කරන්න පටන් ගත්තා.විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය අල්ලන්න පටන් ගත්තා.මේක වර්ධනය වුණා ඕගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ.ඒ ආණ්ඩුව කාලේ කුඩු ඕනෑ තරම් ගෙනාවා.කුඩු අල්ලනවා.ඒක අපේ රටට ඉතාම හොඳ දෙයක්.

අපි සිරිසේන මහත්තයාට විරුද්ධ වුණා.මම විරුද්ධ වුණා.මොකද එජාපය එක්ක ආණ්ඩු හදන්න මම එන්නේ නැහැ කිව්වා.ඒ වගේම එතුමා ගැන අපි විවේචනය කළා.නමුත් ඉදිරියේ මේ ජනාධිපතිකම ඉලක්ක කරගෙන දැන් එතුමා වැඩ කොටසක් කරනවා.

දැන් මේ හැමෝම දන්නවා කුමාර වෙල්ගම කිව්වම කාන්තාවන්ටත් ආදරෙයි.දරුවන්ටත් ආදරෙයි කියලා.ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ජෝතිපාල ගායකයා මියගියත් එතුමාගේ සින්දු තව අවුරුදු පන්සීයක් ගියත් අමතක වෙන්නේ නැහැ වගේ අපේ මහින්ද මහත්තයාවත් අමතක වෙන්නේ නැහැ.

ඉතින් මම කියන්නේ මහින්ද මහත්තයා තමා ඉල්ලන්න ඕනෑ.එතුමාට ඉල්ලන්න බැහැ කිව්වට මම පිළිගන්නේ නැහැ.මම කිව්වා සිරිසේන මහත්තයාට හවුල් ආණ්ඩුවකට යන්න එපා ඔබත් අමාරුවේ වැටෙනවා කියලා.

අද කාන්තාවො වැඩිය කුස්සියට යන්නේ නැහැ ,මොකද අද ඔක්කොම රස්සාවල් කරනවා.නමුත් බලය තියෙන්නේ කාන්තාවන්ට . ඒ කිසා මම කියනවා ඔවුන්ට දැන් එළියට එන්න. විශේෂයෙන්ම තරුණ අය එළියට ඇවිල්ලා මේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.නැත්නම් මේ මන්ත්‍රීවරු පත්කරන්නවත් වෙන දෙයක්වත් නෙමෙයි. මේ රට හරි තැනට ගේන්න ඕගොල්ල ඉදිරිපත් වෙන්න ඕනෑ.මේකෙන් වාසිය අවාසිය එන්නේ ඔබගේ දරුවන්ට.මම නිතරම කතා කරන්නේ දරුවො ගැන.

අපේ කාලේ දැන් ඉවරයි.අපිට ඕනෑ මේ දරුවන්ව ඉදිරියට ගේන්න.මේ දැන් ඉන්න දරුවො කවුරුත් දූෂණයට , භීෂණයට කැමති නැහැ. මේ දරුවන්ට ඕන හොද පාලකයෙක්,හොද ආණ්ඩුවක්,මේ රට දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවක්.

මේ දරුවන්ගේ අතේ හැමෝගෙම කොම්පියුටර් තියෙනවා.මේ ටෙලිෆෝන් එක ගත්තම අතට මේකෙන් යන්න පුළුවන් අන්තර් ජාලය හරහා මුළු ලෝකෙටම.ඒකේ දැනුම තියෙන්නේ මේ තරුණ දරුවන්ට.ඒ දැනුම අපිට නැහැ.

මම කියන්නේ අවුරුදු 65 පැන්නට පස්සේ දේශපාලකයෝ විශ්‍රාම යන්න ඕනෑ කියලා.දැන් මමත් ඉන්නේ හැටපහ පැනපු ලැයිස්තුවේ.ඒ නිසා අපි තරුණ තරුණියන්ට තැන දෙන්න ඕනෑ.ඒ තැන දුන්නොත් තමා මේ රට දියුණු කරන්න පුළුවන්.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු,පළාත් සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා කාන්තා ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

පී.එම්.පත්මසූරිය - අගලවත්ත සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages