නීති විරෝධීව රටපැනීමට සිටි පිරිසක් මාට්ටු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

නීති විරෝධීව රටපැනීමට සිටි පිරිසක් මාට්ටු

අම්බලන්තොට උස්සන්ගොඩින් මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සිටි මිනිස් ජවාරම්කරුවන් තිදෙනෙක් සහ පුද්ගලයින් 21දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.
 
ඔවුන්ගේ මුහුදු ගමනට අවශ්‍ය භාන්ඩ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
 
සම්භව මූර්ති කල්‍යාණ සුන්දර නැමැති ප්‍රසිද්ධ ජාවාරම්කරුවෙකු වන මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු දණ්ඩගමුව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු විසින් බොහෝ කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ පසුගිය මාස කීපය තුළ බෝට්ටු 6කින් හය වතාවකට මෙලෙස පිරිස ඔස්ට්‍රේලියාවට යවා ඇති බවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages