ආදි නාලන්දීය - ‘’HighTea with Legends’’ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ආදි නාලන්දීය - ‘’HighTea with Legends’’

කොළඹ නාලන්දා විද්‍යාලයේ, ආදි නාලන්දීය ‘’රිදී කමිටුව’’ සාර්ථකව සංවිධානය කල ‘’HighTea with Legends’’ වැඩසටහන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම සුපතල තරඟ තීරකයකු වූ කීර්තිමත් ආදී නාලන්දීය රොෂාන් මහානාම සහ දක්ෂ පන්දු යවන්නෙකු මෙන්ම වත්මනෙහි දක්ශ පුහුණු කරුවෙකු වන චමින්ද වාස්ගේ මූලිකත්වයෙන් පැවැත්විණ.

ඒ බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේදී.

නුදුරෙදි පැවැත්වීමට නියමිත 90 වන ආනන්ද නාලන්දා සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය ඉලක්ක ගත කොට නාලන්දා විද්‍යාලීය 19 පහල කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ ආකල්ප වර්ධනය මෙන්ම අවශ්‍ය ප්‍රවීනයන්ගේ දැනුම ලබා දීම අරමුණුකර පවත්වනු ලබන මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ පස්වන වරටය.

පසු ගිය පස්වසර පුරාවට බන්දුල වර්නපුර, හෙමන්ත දේවප්‍රිය, ජයන්ත සෙනෙවිරත්න, ආචාර්ය චන්දන ජයරත්න, කමල් දේශප්‍රිය, කුසල් ද සිල්වා, අසංක විමලරත්න, සතික ද සිල්වා වැනි ආදි නාලන්දීයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සාර්ථකව මේ වසරේදීත් සංවිධානය කිරීම පිලිබඳ ආදි නාලන්දීය ‘’රිදී කමිටුව’’ වෙත තම ප්‍රණාමය නාලන්දා විද්‍යාලීය විදුහල්පති තිලක් වත්තුහෙවා පුදකල අතර ජේ්‍යෂ්ඨ ආදී නලන්දීයන් සහ විවිධ අදි ශිෂ්‍ය කණ්ඩායම්හි නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගීවිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages