මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයක් හැදීම වැලැක්වීමට පොලු දමන්න එපා – ජාතික සංවිධාන බැසිල්ගෙන් ඉල්ලයි (Video) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයක් හැදීම වැලැක්වීමට පොලු දමන්න එපා – ජාතික සංවිධාන බැසිල්ගෙන් ඉල්ලයි (Video)

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා විසින් දේශපාලන පොඩි ළමයෙක් ලෙස හඳුන්වන දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවට පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශයක් හුවාදක්වමින් මාධ්‍ය අමතා කතා කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ දේශපාලන වැඩිහිටියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණ සාමාජිකයෙක් පොහොට්ටුව ලකුණ පමණක් තරග කරන බව පැවසීම පිළිගත නොහැකි බවයි.

ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වහාම සියලු ජාතිකවාදී, දේශප්‍රේමි, වාමවාදී බලවේග එකට එකතු කොට මහා ජාතික සන්ධානයත් හැදීම අද යුගයේ ජාතික යුතුකම බවත්, පටු දේශපාලන වුවමනාවන්වන් මත ඊට එරෙහිව කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages