2020 ජනපති අපේක්ෂක තෝරන්න රාජපක්ෂලා අතර විශේෂ හමුවක්.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

2020 ජනපති අපේක්ෂක තෝරන්න රාජපක්ෂලා අතර විශේෂ හමුවක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව අවසන් තීන්දුවක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂවරුන් අතර හමුවක් පැවත්වී තිබේ. චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය යන සහෝදරයන්ද, නාමල් රජපක්ෂ සහ ශශීන්ද්‍ර රාජපක්ෂද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වී ඇත.

මේ වනවිට ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි භූමිකාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

කෙසේ වෙතත් අපේක්ෂකයා නිල වශයෙන් නිවේදනය කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදු වනු ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages