ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර පළමු නිල සාකච්ඡාව සාර්ථකයි-දෙවන වටය 22 - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-14

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර පළමු නිල සාකච්ඡාව සාර්ථකයි-දෙවන වටය 22

රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 22 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණි අතර නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වී සිටින බව වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages